Colombo Today Local News

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියක් විදුලිය හොරකම් කර මාට්ටු

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියකු සිය හෝමාගම ගලවිල වත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

සැකකාර එම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරයා මහරගම ප්‍රාදේශීය ප්‍රබල දේශපාලනාඥයකුගේ පියකු බවද පැවැසෙයි. එම දේශපාලනාඥයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලිස් නිලධාරියකු සදහන්කරයි.

බොහෝ අවස්ථාවල පස්වරුවේ සිට පසුදින පහන්වන තුරු නිවස ඉදිරිපිට විදුලි කණුවලට සවිකර තිබෙන අධි බලති විදුලි බල්බ දැල්වෙමින් තිබෙන බවට දින කීපයක සිට ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මාර්ගයේ තිබෙන විදුලි කණුවලින් අධිබලැති විදුලි බල්බවලට හොර රහසේ විදුලිය ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් සදහන් කර සිටි.

සැකකාර විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා නිත්‍යානුකූල විදුලි සැපයුමක් නිවසට සපයා තිබියදී අමතර වයරයක් යොදා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කණුවලින් විදුලිය ලබා ගෙන අමතර ලාම්පු දැල්වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ගෝඨාගේ තීරණාත්මක තීන්දුව සවස 6ට

colombotoday

“යහපාලනය බලු වෙලා.. පජාත වෙලා.. කුජීත වෙලා” – එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ

colombotoday

මහින්දලා මොන යාත්‍රා ගියත්, අපි ජාතියට දුන් ජයග්‍රහණ ආපසු හැරවිය නොහැකියි – චම්පික රණවක

colombotoday

දිනෙන් දින ඉහල යන උද්ධමනය

Admin

“මහින්දට 45% යි.. බහුතරය අපටයි.. ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා“ – රාජිත

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවන්න 3/2 ගැනීම දවල් හීනයක් !!

colombotoday