Colombo Today Local News

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා , වන්නි දිස්ත්‍රික් ඊ.පි.ඩි.පි පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතාට කළ අපහාසාත්මක ප්‍රකාශයකට විරෝධය දක්වමින් ඔහුගේ ආධාරකරුවෝ පිරිසක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

එම ප්‍රකාශය සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතාගේ‍ රුවට සමාන අනුරුවක් සකසා විරෝධතාකරුවෝ පාවහන්වලින් පහරදී, ගිනි තැබීම සිදුකළහ.

විවාදයක් අතරතුරදී කුලසිංගම් දිලීපන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නම ප්‍රකාශ කිරීමේදී සිදුවූ අතපසුවීමක් එම මන්ත්‍රීවරයාට සිතාමතා අපහාසයක් කළ බවට චෝදනාකරමින් ශීදරන් මන්ත්‍රීවරයා දිලීපන් මන්ත්‍රීවරයාට බැණ අපහාස කොට ඇති බවද විරෝධතාකරුවෝ කියයි.

විරෝධතාකරුවන් සදහන් කරන්නේ, රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන රජයට පක්ෂපාති තිලීපන් මහතා සම්බන්ධයෙන් ශ්‍රීධරන් මහතා සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයට වන්නි දෙමළ ජනතාවට සිදුකළ අපහාසයක් බවත්ය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට වවුනියාව පැරණි බස් නැවතුම්පොළ දක්වා විරෝධතාකරුවෝ ප්‍රධාන මාර්ගය අවහිරකරමින් විරෝධතා පෙළපාලියකද නිරතව ඇත.

Related posts

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම අරඹයි

colombotoday

සිව්දරු මවක් ගිනි තබාගෙන… තත්වය බරපතලයි

Admin

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

බඩු මිල ඉහළ ගිය සතුටට එජාප මන්ත්‍රිවරු කිරිබත් බුදියි

colombotoday

‘අපි අවහිර කළ සුද්දන්ට අපේ ඉඩම් ගන්න දැන් ඉඩදීලා’ – හිටපු ජනපති

colombotoday

චන්ද්‍රිකාගේ සහය මෙන්න

Admin