Colombo Today Local News

විරෝධතාවයට අවසර නොදීමට පොලීසියෙන් කියන හේතු මෙන්න

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව ඊට සහභාගීවන පාර්ශ්වවලට දැනුම් දෙමින් පොලිසිය ලිපියක් නිකුත් කර ඇත.

කොළඹ මධ්‍යම 2 කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ඊ. එන්. දිල්රුක්ගේ අත්සනින් නිකුත් කර ඇති මේ ලිපිය භාර දීම සඳහා අද අලුයම සිට පොලිස් නිලධාරීන් විරෝධතාවට සහභාගීවීමට සූදානම් වන පාර්ශව සිටින නිවාස සහ කාර්යාලවලට ගොස් තිබිණ.

සහකාර පොලිස් අධිකාරීවරයාගේ ලිපියේ සඳහන් වන්නේ, මෙම විරෝධතාව පැවැත්වෙන කාල සීමාවේ මාර්ග අවහිර වීම නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය අවසන් කර යන ජනතාවට මෙන්ම කොටුව සහ පිටකොටුව තොග වෙළඳාමට ද අවහිරතා ඇති විය හැකි බවයි.

විරෝධතාව නිසා ඇතිවන වාහන තදබදයෙන් ප්‍රවාහන කටයුතු අඩාල වීම නිසා කටුනායක , බියගම , වතුපිටිවල හා මහනුවර ආදි ආර්ථික කලාපවල සිට කොළඹ වරායට බහාලුම් රැගෙන ඒමේදී , නියමිත කාලයට නැව් ගතකර නොහැකි වීමෙන් ආර්ථික බලපෑමක් ඇතිවන බව ද මෙම ලිපියේ සඳහන් ය.

ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විරෝධතාවය නිසා මාර්ග අවහිර වීමෙන් සංචාරකයින්ට ද පීඩාවක් හා අවහිරයක් සිදුවන බවයි.

පොලිස් අඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ ග්‍රැමෆෝනයක්, ශබ්ධ විකාශන යන්ත්‍රයක් හෝ මෙගාෆෝනයක් හෝ ඇම්ප්ලිෆියරයක් හෝ යන්ත්‍රාණුසාරයෙන් හෝ ශබ්ධය නිපදවන හෝ නැවත නිපදවන හෝ විශාලකරන වෙනත් උපකරණයක් භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ගත යුතු උවත් එවැනි අවසරයක් ද ලබා ගෙන නැතැයි මෙම ලිපියේ සඳහන් ය.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මාර්ග අවහිර වීමක් හෝ බාධා වීමක් සිදු වුවහොත් ජනතාවට වන පීඩා ඉවත් කිරීමට පොලිස් අඥා පනතේ සහ වෙනත් නීති යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

Related posts

කතානායක බරහිට බලල් අතක්.. සුපිරි හෝටලයක සුද්දන් හා කුමන්ත‍්‍රණ…

colombotoday

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

colombotoday

වෙළෙන්දන් බිත්තර අළෙවි නොකරයි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි..

colombotoday

තවත් නාකොටික් නිලධාරියෙකු අත්අඩංගුවේ

colombotoday

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමට හමුදාපතිට බලපෑම් කර ඇත්තේ බදියුදීන්…

colombotoday

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති ගෙන ඒමේ සූදානමක්

Admin