නියාය, සිරිමල්දෙනිය වත්ත ප්රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුවයි.
බහින්බස්වීම අතරතුර එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.
අනතුරුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙක් තියුණු ආයුධයෙන් පහරදුන් පුද්ගලයාගේ හිසට ගලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය සදහන් කරයි.
ඝාතනය සිදු කළ සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි.