Colombo Today Local News

“රට වටේ ඇති නිල නිවාස ප්‍රයෝජනයට ගන්නේ ගජ මිත්‍රයන්. ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ”

රට වටේ ඇති ජනපතිවරයාගේ නිල නිවාසවලට ජනාධිපතිවරයා එක දිනක් හෝ ගොස් නැති බවත් ඒවා අද ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්, ගජ මිත්‍රයන් පමණක් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

ජනපතිවරයාගේ නිල නිවාස රටපුරා හත අටක් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා මිරිහානේ තමන්ගේ නිවසේ පදිංචිව සිටීම හොඳ වුවත් තමා කැමති ඔහු ජනාධිපති නිවෙසට යන එක බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා මිරිහානේ නිවසේ සිටීම ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බවද සදහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

ජනාධිපති සිටින නිසා පොලිසිය යොදවා ඒ අවට නිතර නිතර පරීක්ෂා කිරීම් සිදුකරන හෙයින් ජනතාවට හිරිහැර සිදුවන බවත් කුඩා කුඩා ව්‍යාපාරවලට පවා මෙමගින් විශාල බලපෑමක් ඇතිවී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

සරත් විරසේකරට විමල් වීරවංශ පරදින ලකුණු

colombotoday

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday

නාමල්ට පත්තු වෙන අලුත්ම නඩුව?

Admin

“මං ගෝඨාගෙ නමක්වත් කීවෙ නෑ.. එහෙම කියන්න මං මෝඩයෙක්ද“ ජනපති එජාපය ට කියයි !

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday