Colombo Today Local News

දෙමටගොඩ රුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (19)දින නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ දෙමටගොඩ පදිංචි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාය.

සැකකරු සම්බන්ධයෙන් වූ ඇප ලබාදීමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා ලෙස නියෝග කළේය.

සැකකරුට අයත් සේප්පුවක තිබී රුපියල් කෝටි පහකට ආසන්න මුදල් සහ රුපියල් කෝටි එකහමාරක් වටිනා රත්තරන් තොගයක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

Related posts

වළකට වැටී දරුවෙක් මිය යයි

Admin

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි – ජනපති මැදුරේ තීරණාත්මක සාකච්ඡාවක්

colombotoday

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday

මිය ගිය කොටි සහ දෙමළ වැසියන් මුල්ලිවයික්කාල්හිදී සැමරේ (Photo)

colombotoday

මාලිමාකාරයෝ පවුල් පිටින් ඡන්දේ ඉලන්නවා

Admin