Colombo Today Local News

රැඳවියන් බලන්න අලුත් ක්‍රමයක්

පවුලේ ඥාතීන්ට බන්ධනාගාර රැඳවියන්ගේ සුවදුක් විමසීම සඳහා ‘‘ඉ-විසිට්‘‘ නමින් නව තාක්ෂණ ක්‍රමවේදයක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් වි.ආර්. සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඥාතීන්ට තමන්ගේ නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැඳවියා සමඟ සම්බන්ධවී සුවදුක් විමසීමටත් තොරතුරු කතබහ කිරීමට අවස්ථාව සලසා ඇතැය ද රාජ්‍ය ලේකම්වරයා කියයි.

බන්ධනාගාර නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ රැඳවියාට නව තාක්ෂණික මෙවලම් භාවිතකර සිය නිවස හා සම්බන්ධ විය හැකි බව ද ඔහු පවසයි.

Related posts

ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන චීනයෙන් ප්‍රකාශයක්….

colombotoday

ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට එයි

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin

තුෂාන් ගුණවර්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම ගැන ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !

colombotoday

ICBT කැම්පස් එක දෙන හොර HND සහතිකය – විශේෂ හෙළිදරව්ව මෙන්න

colombotoday