Colombo Today Local News

“බැසිල් කීවේ රාජ්‍ය සේවකයා රටට බරක් බව නෙවෙයි” – ඇමති ඩලස් කියයි

රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයා රටට බරක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ නොකළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මුදල් ඇමතිවරයා තම ප්‍රකාශයෙන් අදහස් කළේ දේශපාලනඥයන් විසින් රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය ලෙස සේවකයන් පුරවා තිබීම නිසා අර්බුදයකට මුහුණ පා තිබෙන බව යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

සෑම ආණ්ඩුවක්ම අවිධිමත් දේශපාලන තීන්දු ගෙන මනාප ලබාගැනීම වෙනුවෙන් ඉවක් බවක් නැතිව රාජ්‍ය ආයතන පුරවා ඇතැයි කී ඇමතිවරයා ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිවරයාගෙන් ඇමතිවරයාට රාජ්‍ය ආයතන පුරවාගැනීම දේශපාලන සංස්කෘතියේ මජර ගතියක් බව ද කීවේය.

ඒ නිසා රාජ්‍ය ආයතන අර්බුදයකට මුහුණ පා ඇතැයි කී අලහප්පෙරුම මහතා කෝප් වාර්තා අනුවත් එය තහවුරු වන බව පැවසීය.

මුදල් ඇමතිවරයා කීවේ ඒ බර ගැන මිස රාජ්‍ය සේවය උහුලාගන්න බැරි බවක් නොවේ යැයි ද ඇමතිවරයා කීය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය මෙවර අයවැයෙන් විසඳූ බව කී අලහප්පෙරුම මහතා සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට කැමැත්තක් තිබුණත් ආර්ථික අපහසුතා නිසා එසේ කිරීමට නොහැකි වූ බව ද පැවසීය.

Related posts

මම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න වෙන් කල මුදල් වලට මොකද කලේ?

Admin

මහ මැතිවරණය අගෝස්තු මසට

colombotoday

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday

බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි

colombotoday

සංචාරකයින් රැගත් ස්විස් ගුවන් යානයක් කටුනායකට

colombotoday

කෝටි 5 ක අලුත් 10 කාසි නිකුත් කරයි

colombotoday