Colombo Today Local News

“කොලොන්නාව තෙල් ගබඩාව ඉන්දියාවට විකිණීමට පිඹරුපත් සකසා අවසානයි” – වෘත්තීය සමිති

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව සතු කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණයේ අයිතිය ඉන්දීය ඔයිල් සමාගමට විකිණීමට ආණ්‌ඩුව රහසේම පිඹුරුපත් සකසා ඇතැයි එහි වෘත්තීය සමිති සඳහන් කරයි.

කලකට ඉහත කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය කොටස්‌ තුනකට බෙදා ඉන් එක්‌ කොටසක්‌ ඉන්දීය ඔයිල් සමාගමට විකිණීමට එවකට පැවැති රජය කටයුතු කළේය.

ඉතිරි කොටස්‌ දෙකෙන් තවත් එක්‌ කොටසක්‌ පෞද්ගලික අංශයේ වෙනත් සමාගමකට අලෙවි කිරීමට නියමිතව තිබිණි.

එසේ විකුණා දැමීමට නියමිතව තිබූ දෙවන කොටසේ අයිතිය ඉකුත් 2009 වසරේදී යළි සංස්‌ථාවට ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පියවර ගත් අතර මේ අනුව කොලොන්නාව ගබඩා සංකීර්ණයේ අයිතිය සංස්‌ථාවට හිමි වූ බව එහි ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.

වත්මන් රජය එසේ සංස්‌ථාව සතු කොටස්‌ දෙකින් එක්‌ කොටසක්‌ යළි ඉන්දීය ඔයිල් සමාගමට විකුණා දැමීමට සුදානම් වන බවද පැවසූ හෙතෙම එසේ වුවහොත් කොලොන්නාව ගබඩා සංකීර්ණයේ අයිතිය එම සමාගම සතුවන බවද පැවසීය.

ආණ්‌ඩුවේ මෙම වැඩපිළිවෙළට එරෙහිව සංස්‌ථාවේ සියලු සේවකයන් පෙළ ගැසී සිටින බවද සඳහන් කළ ඒ මහතා ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් සාර්ථක විසඳුමක්‌ නොලැබුණහොත් දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට යැමට සංස්‌ථා වෘත්තීය සමිති තීරණය කර ඇති බවත් කීවේය.

Related posts

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

Admin

අල්ලන කුඩු කෝ..

Admin

පුංචි ඡන්දෙට බැංකු ගිණුමෙන් ලක්ෂ 4800ක් අරන්.. කැළෑ පාලු ඇමතිට මෙච්චර සල්ලි කොහෙන්ද?

colombotoday

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විෂ කිරි පැකට් බෙදුවේ නෑලු

colombotoday

දූෂකයා බේරාගන්න හැදූ කාන්තා කටයුතු ඇමතිණියව විනිසුරු ඉලංචේලියන් විවේචනය කරයි !

colombotoday