Colombo Today Local News

“පල්බොරුකාරයෙක් වෙලා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ. බඩු මිල විසඳන්න මට පුළුවන් නම් මං ටක්ගාලා විසඳනවා නේ”

පල්බොරුකාරයෙක් වී දේශපාලන හාල්පාරුවෙක්වීමට තමන්ට නොහැකි බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී අද (11)දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

මේ අතර උත්සව සමය වෙනුවෙන් හෙට සිට සතොස හරහා අඩු මිලට භාණ්ඩ රැසක් ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

“පල්බොරුකාරයෙක් වෙලා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ. බඩු මිල විසඳන්න මට පුළුවන් නම් මං ටක්ගාලා විසඳනවා නේ. උත්සව සමය නිසා හෙට සිට සතොස හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කටත් කීරි සම්බා වෙනුවටත් පාවිච්චි කරන්න පුළුවන් සම්බා කිලෝවක් රුපියල් 130කටත් දෙනවා. කිලෝ 5 බැගින් ගන්න පුළුවන්. දෙසැම්බර් 31 වෙනකම් තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලට සතොස දෙනවා. සීනි, පරිප්පු ආදිය.”

Related posts

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

colombotoday

වන අලි අල්ලා හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි කරන්න යෝජනා වෙයි…

colombotoday

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

Admin

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩවර්ජනයක

Admin

ගණිතයෙන් කොළඹ, කලාවෙන් වාණිජයෙන් කුරුණෑගල, විද්‍යාවෙන් ගම්පහ, ලංකාවෙන්ම එකට ආ දක්ෂයෝ මෙන්න

colombotoday