Colombo Today Local News

ශිෂ්‍යාවකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

හුංගම පාසලක 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට එම පාසලේ ගුරුවරයෙකු අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධයෙන් එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, දැරියගේ මව විසින් හුංගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු. 49 ක පුද්ගලයෙකි.

ඒ අනුව සිදු කළ විමර්ශනයේදී දැරියගේ පිට ප්‍රදේශයේ හා හිසේ පිටුපස තැලීම් ලකුණු නිරීක්ෂණය වීමෙන් පසු දැරිය මව් භාරයේ තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දැරිය මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා අතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව සැකකාර ගුරුවරයා අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මේ සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

හිටපු ඇමති විජේදාසගේ ආරක්ෂාව ඉවත් කෙරේ..

colombotoday

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න බස්රථ 500ක්

Admin

ලංකාවේ සුළු ජාතීන් ගැන බොරු කියූ රීටා ඉසාක් ආයෙත් එයි.. වාර්තාවකුත් හදයි

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

චක්‍රලේඛවලට පිටින් සෞඛ්‍ය ඇමැතිට නියෝජ්‍ය ඇමැතිට වාහන සහ ඉන්ධන දීලා… ගණනය කළ නොහැකි පාඩුවක් !

colombotoday

ශ්‍රීලනිපයට සහාය නොදෙන ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ආසන සංවිධායකකමින් ඉවතට !!

colombotoday