Colombo Today Local News

කැබිතිගොල්ලෑවේ කුපිත වූවන්ගෙන් පහර කෑ පොලිස් සැරයන්වරයා මරුට

අනුරාධපුර, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී කුපිත වූ පිරිසකගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මියගොස් තිබේ.

ඔහුගේ දේහය මේ වනවිට මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වාරියපොල පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

වන අලියෙකු පහරදීමෙන් ඊයේ (31) පස්වරුවේ එම ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය ගියේ ය.

ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වන බවට ලද තොරතුරක් අනුව කැබිතිගෝලෑව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ.

එම අවස්ථාවේදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුට කුපිත වූ ප්‍රදේශවාසින් මුඟුරකින් පහර දී ඇති බව පොලීසිය පවසයි.

ඇති වූ තත්ත්වය පාලනයට පොලීසිය අහසට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා බේරා ගැනීමට පොලීසියට අහසට වෙඩි තැබීමට සිදු කළ බවය.

Related posts

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

Admin

ගජමුතු තුනක් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

colombotoday

ඇඳිරි නීති කාලයේ විදුලි බිලට සහන දෙන්න සැලසුමක්

colombotoday

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday

ගංවතුර වළකන්න වසර 50කට පෙර ගෙනා සැලසුම් තවම ක්‍රියාත්මක කරගන්න බැරිවුණා

colombotoday

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

colombotoday