Colombo Today Local News

මුතුරාජවෙල නැවත ව්‍යාපෘති කරන්න අපි ඉඩදෙන්නේ නැහැ – රාජ්‍ය ඇමති පවසයි

මුතුරාජවෙල රක්ෂිතයේ දැනට සිදුකර ඇති අනවසර ඉදිකිරීම්වල පදිංචි පුද්ගලයින්ගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොකරණ බව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එහෙත් යළි අනවසර ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

“මේ හඳුනාගත් ප්‍රදේශය තුළ සියලුදේම වගුරුබිම් නොවෙයි. මේ ප්‍රදේශ තුළ තැනින් තැන වගුරුබිම් තියෙනවා. තැනින් තැන දැනටමත් ගොඩකරලා තියෙන ජනාවාස තියෙනවා. මේ ගොඩකරලා ජනාවාස තිබෙන එහෙමත් නැත්නම් දැනටමත් යම් යම් ආයතන ක්‍රියාත්මක වන ප්‍රදේශවලට අපි කිසිම බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක අපිට කරන්න ප්‍රමාද වැඩියි. දැනටමත් ජනතාව මේවාගේ ජීවත් වෙනවා. ජනතාව මේවාගේ ව්‍යාපාර කරනවා. ඒ අයගේ දෛනික වැඩපිළිවෙළට බාධා කරන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහාට මේ වගුරුබිම් පිරවීම පහත්බිම් ගොඩකිරීම වළක්වන එක. එතකොට අපි මෙතනින් එහාට ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ කියන එකින් අදහස් කරන්නේ නැවත ගොඩකිරීම් කරලා ඒවාවල ව්‍යාපෘති කරන්න අපි ඉඩදෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මොනයම් ආකාරයකින්වත් ඔවුන්ගේ ජීවන රටාවට වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අපි ඔවුන්ටත් ඉඩ දෙන්නේ නැහැ මේ ප්‍රදේශවලට කසළ බැහැර කරන්න. ඒවාගේම අලුතින් ඉඩම් අල්ලාගන්නට.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පවතින ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකළ හොත් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ගැටලුව කිසිවෙකුට වැළැක්විය නොහැකි බවය.

Related posts

වසර 40ක් පුරා මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ වෙඩි නොවදින කාර් මුහුදේ ගිල්වයි

colombotoday

වරාය පොදු සේවක සමිතියෙන් හෙළිදරව්වක් !!

colombotoday

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

කාටවත් ජනපතිවරණය දිනන්න ඉඩ තියන්නෑ – 2020ට ජවිපෙනුත් අපේක්ෂකයෙක් !

colombotoday

පෝර්ට් සිටී ගොඩකර අවසන්…

colombotoday