විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද(11) සිට ආරම්භ වේ.
විශ්වවිද්‍යාල 17 ක මෙන්ම මණ්ඩපවල එම කටයුතු සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
සිය අනන්‍යතාව හෙළි කර, ළඟම ඇති විශ්වවිද්‍යාලයකදී විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත ලබාගත හැකි බවද ඔහු පවසයි.
අවුරුදු 20 – 30 ත් අතර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද එහිදී එන්නත ලබාගත හැකි බව මහාචාර්යවරයා සදහන් කරයි.