Colombo Today Local News

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළිත් පක්ෂයට එක් වීම සඳහා අවස්ථාව දීමට එජාපය තීරණය කර තිබේ.

පක්ෂය මේ තීරණය ගනු ලැබූවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගයට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 44 දෙනෙක් යළි එජාපයට පැමිණි බවත් තවත් මන්ත්‍රීවරුන් 18 දෙනෙක් පක්ෂයෙන් ඉවත් කළ බවත් කෘත්‍යාධිකාරීමණ්ඩල රැස්වීමේ දී අනාවරණය විය.

යළි පක්ෂයට එක් වීමට කැමති පළාත් පාලන මන්ත්‍රීවරුන් ගැන තීරණයක් ගැනීමට එජාප සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන දෙවන පියවර යටතේ ප්‍රධාන තනතුරු දරන්නන්ට වගකීම් ලබා දීමේ බලය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළේය.පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා වගකීම් බෙදා දීමත් සමඟ අංශ ගණනාවක් ඔස්සේ ප්‍රතිසංවිධානය දෙවන පියවර ඇරඹේ.

ඊට අමතරව සංවිධායකවරුන් පත් කිරීමේ නිර්දේශ නායකත්වයට දීම සඳහා කමිටුවක් ද පත් කරනු ලැබීය.

පළාත් සභා මැතිවරණයේදී කාන්තාවන්ට එජාප අපේක්ෂක ලැයිස්තුවෙන් 25% ක් වෙන් කිරීමේ යෝජනාවට ද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමි විය.

Related posts

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

colombotoday

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

colombotoday

පාතාල බිය අධිකරණයටත් දැනෙයි.. රට පුරා සියලු අධිකරණවල ආරක්ෂාව තර කරයි

colombotoday

සෙල්ලකතරගමදී ප්‍රවාහනය කරමින් තිබූ ගංජා ග්‍රෑම් 25,000ක් අල්ලයි

colombotoday

එක් දිනක් තුළ තේ පැළ ලක්ෂ 35ක් සිටුවීමට සැලසුම්..

Admin

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් කිසිවක් කියැවුණේ නැහැ

colombotoday