Colombo Today Local News

ටෝනි බ්ලෙයාර් සම්බන්ධන් හමුවෙයි.. උතුරෙන් හමුදා ඉවත් කිරීම, බලය බෙදීම ගැන සාකච්ඡා

පැවැත්වීමට නියමිත ආර්ථික සමුළුවට සහභාගී වීම සදහා දිවයිනට පැමිණි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලේයොර් සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් අතර විශේෂ හමුවක් 4දා පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු යෝජනාව ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දි අවධානයට ලක් වු බව විපක්‍ෂ නායක කාර්යාලය නිකුත් කර ඇති නිවේදනක සදහන් වේ.

උතුරු පළාතේ හමුදා භටයන් වැඩි ප්‍රමාණයක් රඳවා සිටීම, දෙමළ ජනයාගේ ඉඩම් ගැටළුව, අතුරුදහන්වූවන් පිළිබඳ පරීක්‍ෂණ සහ දෙමළ දේශපාලන රැඳවියන් [කොටි සැකකරුවන්]නිදහස් කිරීම ඇතුළු කරුණු රාශියක් පිළිබඳව විපක්‍ෂ නායක විසින් ටෝනි බ්ලෙයාර්ට පැහැදිලි කර ඇති බව ද එහි සදහන්ය.

උතුරු නැගෙනහිර දෙපළාතේ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

පිළිගත හැකි ප්‍රායෝගික දේශපාලන විසඳුමකට පැමි‍ණීමේ අවශ්‍යතාවය පිළිබඳවද විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර්ට ප්‍රකාශ කර ඇති අතර ඔහු හිටපු අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඒ සඳහා ලංකා රජයට බලපෑම් කරන ලෙසයි

20160104_113018

 

Related posts

ලෝක බිත්තර දිනය ලංකාවේ පළමු වරට සමරයි

colombotoday

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත යළි ලබා ගන්න, විශේෂඥ සහය

colombotoday

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්නැයි ස්වාධීන පක්ෂ රජයට කියයි

colombotoday

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

පොරොන්දු ඉටු නොකළොත් GSP+ නැතිවෙයි – යුරෝපා සංගමය අනතුරු අගවයි

colombotoday

දිවි සැරියට සමු දුන් රොනී ද මෙල්

Admin