ගිනිගෙන මේ වනවිට මුහුදුබත් වෙමින් තිබෙන එක්ස්ප්රස් පර්ල් නැවේ යැයි සැක කෙරෙන කිලෝ 250කට වඩා බරැති යකඩ බෝයාවක් ඊයේ (09)දින සවස් කාලයේ මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබේ.
එය අද(10)දි උදෑසන ගොඩ ගනු ලැබුවේ, අලුත්ගම ධීවර පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් සහ ප්රදේශවාසී ධීවරයන්ගේ දායකත්වයෙනි.