Colombo Today Local News

උතුරේ සිට දකුණටත්, බස්නාහිර සිට නැගෙනහිරයටත් ඉතිහාසයේ නොවූවිරූ සංවර්ධනයක් උදාකරනවා

ranilබස්නාහිර පළාතේ සිට ත්‍රිකුණාමලය දක්වාත්, හම්බන්තොට සිට යාපනය දක්වාත් ඉතිහාසයේ පෙර නොවූ විරූ සංවර්ධනයක් අත්පත් කරගැනීමට නව වසරේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එහිදී විවිධ චෝදනා හා විවේචන එල්ල විය හැකි වුවත්, ඒ පිළිබඳ තැකීමක් නොකොට අවසන එකී විවේචකයින්ද දායක කරගනිමින් මෙම ගමන යාමට හැකිවනු ඇති බව හෙතෙම කියා සිටියේ අද (04) අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

2015 ජනවාරි මස 08 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගනිමින් රටට ලබා ගත් වරප්‍රසාදය මේ වසරේ ගෙදරට ලබා ගැනීමට අදිටන් කරගත යුතු බවත්, ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

උතුරේ දුක් විඳින ජනයාගේ ඉඩම් ආපසු ලබාදෙමින් ඔවුන් නැවත පදිංචි කරවීමට කටයුතු කිරීමට හැකිවුණු බවත්, දේශපාලන වශයෙන් ලැබූ ස්ථාවරත්වය ආර්ථික හා සාමාජීය වශයෙන්ද අත්පත් කරගත යුතුව ඇති බව ඔහු අවධාරණය කළේය.

පසුගිය වසරේ රටේ පාලනය ලබාගන්නා විට මානව හිමිකම් ප්‍රශ්න ආදියෙන් ලෝකය මෙරට දුරස්ථව තබා තිබුණු බවත්, අද වන විට ලෝකය ජය ගැනීමට හැකිවී ඇති බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අගමැතිවරයාගේ ප්‍රකාශය වැඩි දුරටත් පහත පරිදිය

Related posts

අම්බලන්ගොඩ කොහු මෝලක් ගිනි ගනී

colombotoday

එජාප-ශ්‍රීලනිප කපුකටම ගිය රන්ජන්ට, අගමැතිකමට අලුත් නමක් ජනපති යෝජනා කරයි

colombotoday

වන පද්ධතිය ආරක්ෂා කරගන්න සෑම පියවරක්ම ගන්නවා – ඊයේ බදුර්දීන්ට ඇමතිකමක් දුන්න ජනපති අද පුරසාරම් දොඩවයි

colombotoday

නැවතත් දිනූ පුටින්

Admin

“අවි ආයුධ හමුවීම සාමාන්‍ය දෙයක්.. ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ” ආරක්ෂක ලේකම්

colombotoday

” නගරාධිපති පවා පම්පෝරි ගැසුවේ කසළ කළමනාකරණය අපි තමයි හොඳටම කළේ කියලා.” | මොරටුවේ කාන්තාවන් විශාල පීඩාවක

colombotoday