Colombo Today Local News

දේපල හබයක් දුරදිග යයි. | පියා මරුට. දියණියගේ පැමිණිල්ලට පුතා අත්අඩංගුවට

වේයන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වු 67 හැවිරිදි පියෙක් ව ඝාතනය කළ බවට සැකපිට ඔහුගේ 32 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මියගිය පුද්ගලයාගේ දියණිය විසින් වේයන්ගොඩ පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

තම සහෝදරයා තල්ලුකිරීමෙන් පියා මියගිය බවට එම පැමිණිල්ලේ සඳහන් ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී ද ඒ බව අනාවරණය වී තිබේ.

පෙරේදා දිනයේ දී එම පුත්‍රයා නිවසට පැමිණ තම සහෝදරියට කිසිදු දේපළක් ලබා නොදෙන්නැයි පියාට පවසා ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු පියාව තල්ලුකර ඇත.

එහිදී තුවාල ලැබු පියා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (09) දිනයේ දී අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇති අතර, අද දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, පසුගිය ජනවාරි මස සිට මේ දක්වා දරුවන් විසින් දෙමාපියන් ඝාතනය කළ අවස්ථා 4ක් පමණ වාර්තා වී ඇති බවය.

Related posts

දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..

colombotoday

නාවලපිටිය නගරය ජලයෙන් යට වේ

colombotoday

පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායාම කරන ලෙස දන්වයි

Admin

Photos : මීගමුව නොසන්සුන්… හෙට උදේ 7 දක්වා ඇඳිරිනීතිය පනවයි

colombotoday

කවුරු ගියත් මම සැලෙන්නෑ.. 2020 වන තෙක් සම්මුති ආණ්ඩුව කරනවා – ජනපති කියයි

colombotoday

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමන් වුණා – ආචාර්ය සරත් වීරසේකර කියයි

colombotoday