Colombo Today Local News

මිරිස් කිලෝව 1600ට නගී. මිරිස්වල කොලෙස්ටරෝල්, කෑමට අගුණයි – සෞඛ්‍ය ඇමති කියයි

රට පුරා එළවලු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඊයේ දිනය වනවිට උතුරු පළාතේ අමු මිරිස් කිලෝවක් රුපියල් 1500 – 1600ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් ඉහළ යාමත් මාස දෙකකට අධික කාලයක් උතුරට ධාරණිපාත වර්ශවා ඇද හැලීම හේතුවෙන් උතුරේ වැඩි වශයෙන් එළවලු වගා කෙරෙන ප්‍රදේශ වන වව්නියාව, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කයන්හි එළවළු වගා විනාශ වී තිබීමත් මෙයට මූලික වශයෙන් හේතු වී ඇති බව වෙළෙන්දෝ පවසති.

ඊයේ දිනය වනවිට වව්නියාව එළවළු වෙළදපොලේ සටහන් වූ මිල ගණන් මෙසේය

අමුමිරිස් කිලෝවක් රුපියල් තොග මිල 1300- 1400  සිල්ලර මිල 1500-1600
මාල්මිරිස්  කිලෝවක තොග මිල 750-800  සිල්ලර මිල 900-1000
බෝංච් කිලෝවක තොග මිල 450-550- සිල්ලර මිල  600-700
වම්බටු කලෝවක තොග මිල 250-300 සිල්ලර මිල 350-400
බණ්ඩක්කා කිලෝවක තොග මිල 350-400 සිල්ලර මිල 450 -500
මෑකරල් කිලෝවක තොග මිල 360-400 සිල්ලර මිල 400-450
කැරට් කිලෝවක තොග මිල 300-350 සිල්ලර මිල 380 -400
වට්ටක්කා කිලෝවක තොග මිල  250-300 සිල්ලර 350- 380

මේ අතර වෙළදපලේ ඇති එළවලු හා පළතුරුවලද කොලෙස්ටරෝල් වැඩි කරවන විස ජාන ඇතුළත් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙරට තුල ගොවීනට වගා කිරීමට රජය විසින්ද බෙදාහරින්නේ ජාන තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ලද බීජ ඇට බවද පවසන ඔහු අමු මිරිස් කරලෙත් එම ජාන තිබෙන බවද පැවසීය.

බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් විසින් තමනට පැවසූ පරිදි මේ සියල්ල කරන්නේ ඖෂධ, එළවළු හා පලතුරු සමාගම් ඒකාබද්ධව නිර්මාණය කර ඇති මාෆියාවක් යයිද ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබිණි.

Related posts

බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ජවිපෙ ජාතික ලයිස්තු අපෙක්ෂක ඊබ්‍රහිම් ත්‍රස්තවාදියාගේ නමත්… එනිසා ජවිපෙ සහය නෑ !!!

colombotoday

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday

බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිදුවන අසාධාරණ හා අකටයුතුකම් | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකාරියට යාමට සුදානම්

colombotoday

වනාන්තර විනාශ කරන,ජාතික සම්පත් අරාබියට විකුණන රිෂාඩ් බදුර්දීන්ට අද ලැබුණු අලුත්ම අමාත්‍යාංශය මෙන්න

colombotoday

මිලේනියම් සිටි නඩුව : හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා නිදොස් කොට නිදහස් කරන්නැයි, කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin