Colombo Today Local News

“සිංහලේ රට” සුද්දන්ට සිලෝන් වූ හැටිත් ප්‍රභාකරන්ට ඊළම වූ හැටිත් ගම්මන්පිල පහදයි [Video]

gammanpila sinhale“අපේ රට සිංහලේ තමයි. අනාදිමත් කාලයක් මේ රට හැදින්වූවේ සිංහලේ නමින් තමයි. ග්‍රීසිය රෝම යුගවල පවා ‘සිහල දීප’ ‘සිංහල දීප’ නමින් තමයි ඔවනුගේ රටවල රාජ සභාවල හදුන්වලා තියන්නේ. ඒ වගේම පෘතුගීසීන් සීලෑන් කීවෙත්, ලන්දේසීන් ‍සෙලාන් කීවෙත්, ඉංග්‍රීසීන් සිලෝන් කීවෙත් ‘සිංහලේ’ ඒ අයගෙ උරුවට ශබ්ද කරන්න ගියාම තමයි. අරාබි ජාතිකයන් නම් සෙරන්ඩීබ් කියලයි සිංහලේ රට හැදින්වූයේ. ඒ නිසා මේ රටේ සිංහලේ යැයි කියන්න ඕනවටත් වඩා සාක්ෂි ලෝකෙ පුරාම තියනවා. ‘සිංහලේ’ සීලම් වෙලා ‘ඊළාම්’ වුණායි කියලා චෙන්නායිහි පලවු ‘ටැමිල් ලෙක්සිකන්’ ශබ්දකෝශයේ සදහන් වෙනවා. ඒ නිසා තමයි වේළුපිල්ලේ පිරිබාහරන් ඊළම ඉල්ලනව වෙනුවට ‘දෙමළ ඊළම’ ඉල්ලුවේ. ඒ කියන්නේ ඊළම කියන සිංහලේ රටේ දෙමළ බහුතරය වෙසෙන ප්‍රදේශය තමයි ඒ අය ‘දෙමළ ඊළම’ නමින් හදුන්වාගත්තේ. මේ සියළු සාක්ෂිවලින් මේ රට ‘සිංහලේ’ බව පැහැදිලි වෙනවා. ඒ නිසා ඒක අභියෝගයට ලක් කරනවනම් ඒ අද ගොළු බිහිරි රංගනයක් විතරයි”

‘සිංහලේ’ අර්ථනිරූපණය නීතීඥ උදය ගම්මන්පිල මහතාගේ හඩින් පහතින් අහන්න.

[fbvideo link=”https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/10153800776789253/” width=”650″ height=”400″ onlyvideo=”1″]

Related posts

පදවිය වැවෙන් ජලය හොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

Admin

එංගලන්තයේ සිටි ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

colombotoday

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගෙන් ජනපතිට සහතිකයක්

Admin

කොටි සැකකරුවන් ඇප මත නිදහස් කරන්න අගමැති තීරණය කළා – මනෝ ගනේෂන්

colombotoday

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday

15 හැවිරිදි සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලකින් බිමට පනී

Admin