Colombo Today Local News

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල යෝජනාව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක්. – විදේශ ඇමති

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය සඳහා බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

එම යාන්ත්‍රණය හරහා යුද්ධ විරුවන් ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යාමට උත්සහ කර බව ඉන්ටර්නෙට් ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, දේශීය යාන්ත්‍රණයක් තුළින් පිළිතුරු ලබා දීමට උත්සහ කළ ද ඔවුන් ඉන් සෑහීමකට පත්වන ආකාරයක් දක්නට නොලැබෙන බව ය.

“ඇතැම් ඩයස්පෝරා සංවිධාන විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ සිට ගෙන අපි මොනවා කළ ත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවී වෙන්ම කණ්ඩායමක් හැටියට සංවිධානගත වෙලා ඔවුන්ගේ දේශපාලන හයිය උපයෝගී කර ගෙන අපිට විරුද්ධව නැවත නැවත අලුත් චෝදනා, අලුත් කරනවා ඉදිරිපත් කරමින් ඉන්නවා.”

මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය හමුවේ ඔවුන් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එකතුවෙලා ශ්‍රී ලංකාවට විරුද්ධව අලුත් යෝජනා සම්මුතියක් ඉදිරිපත් කර ඇති බව ය.

“අපි ඒකට දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ කළා. විශේෂයෙන් ම එම යෝජනා සම්මුතියේ 8 වන ඡේදයට අපි සම්පූර්ණයෙන් ම විරුද්ධ වුණා. එයින් අදහස් කරන්නේ, ලංකාවේ අධිකරණ ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා, පිටරටවල්වල නඩු දාලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ දඬුවම් කිරීම සඳහා. මේ කරන්නේ, අපේ රණවිරුවන්ව මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටපු අයව ඉලක්ක කරලා ඔවුන්ට කරදර කරන්න.”

එම ක්‍රියාදාමයට එකඟ විය නොහැකි බව සැසිවාරයේදී පැහැදිලිව ම සඳහන් කළ බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

“එකඟ වුණත් අපිට ඒක කරන්න බෑ. උදාහරණයක් විධියට පිටරටවල්වල නඩු අහන එක පිටරට වින්ශ්චකාරවරු ලංකාවට එන එක, ලංකාවේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක්. ඒකට අපි එකඟ වුණත් මම හිතන්නේ නැහැ අපේ අධිකරණය ඒකට ඉඩ දේවි කියලා.”

Related posts

සහල් වැඩි මිලට අලෙවි කිරිමට වෙළදුන්ට අවසර

colombotoday

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

හදපාන්ගොඩ අභාවප්‍රාප්ත වේ

Admin

ඝාතනය කෙරුණු කල්ලාරු මහ ඇතුගේ සිරුරු කොටස් හමුවේ !!

colombotoday

අගවිනිසුරුගේ මතය විමසමින් ලිපියක් යැවුවේ නෑ. කතානායක මාධ්‍ය අංශය

colombotoday

තුනෙන් දෙකක් ඡන්දේ දුන්නේ එක රටක් එක නීතියක් ගේන්න. – දොලවත්ත පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday