Colombo Today Local News

“ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය ඊනියා අරගලකරුවන් විනාශ කළා”

ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය මෙන් ම සමාජයීය තත්ත්වය ඊනියා අරගලකරුවන් විසින් විනාශ කරන ලද බවට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

රට ගොඩනගන්න පැවති සාර්ථක වැඩපිළිවෙළ විනාශ කරන ලද ඊනියා අරගලකරුවන් මේ ආර්ථික විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතු බවත් ඇමතිවරයා කියයි.

එසේම, පසුගිය රජය සමයේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ගනු ලැබූ සියලු සැලසුම් හා ව්‍යාපෘති සියල්ල නතර කිරීමට සිදු වූයේ කොරෝනා වසංගතය හා රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් බව ද ඔහු පවසයි.

නාගරික සංවර්ධන අමාත්‍යංශය ලබන වසරේදී “එක ගමකට එක නිවසක්” ලෙස නව ව්‍යාපෘතියක් ආරම්හ කරන බව ඊයේ (ඔක්. 3)දින අරලිය ගහ මන්දිරයේදී ලෝක ජනාවාස දින සැමරුම් උත්සව අවස්ථාවේදීයී

එසේ ම, තම අමාත්‍යංශයට අනුව ආර්ථික වශයෙන් නැගී සිටීමට නම්, නිවසක් නැති අයට නිවසක් ලබා දීම මිස ගෙවල් ගිනි තබා විනාශ කිරීම නොකළයුතු බව ද ඔහු වැඩිදුර ටත් පවසයි.

Related posts

බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරයා

colombotoday

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin

“ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්”

colombotoday

IOC ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දමයි

colombotoday

අලි ඇතුන් ගේ මරණ ගැන විපක්ෂනායක වාර්තාවක් ඉල්ලයි

Admin

ඇමරිකානු හමුදා සැපයුම් කදවුරක් ත්‍රිකුණාමලේ ස්ථාපිත කිරීමට සූදානම් – ඇමරිකානු නාවික හමුදා ප්‍රධානියෙක් මුල්වරට හෙළිකරයි

colombotoday