Colombo Today Local News

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

දිඹුල-පතන පොලිස් වසමට අයත්, මවුන්ට් වර්නන් තේ වතුයායේ උඩ කොටසේ වතු නිවසක් මතට අද (03)දින විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි කාන්තාවක් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

අධික වර්ෂාවත් සමග පස් කන්ද කඩා වැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි තිදරු මවක්.

මිය ගොස් සිටින කාන්තාව මුළුතැන්ගෙයට තේ පිළියෙල කිරීම සඳහා සිය දියණිය සමග ගිය අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

දියණියට අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

විදුලි බිල් පත ඩොලර් වලින් ගෙවන්න කියයි

colombotoday

දරුවකු පැහැරගෙන ගිය නීලක පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

colombotoday

පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි !

colombotoday