29 C
Colombo
16 April 2025
Colombo Today Local News

නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ අතරමංවූ දැරිය දින පහකට පසු හමුවෙයි

සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඩිමට ගොස් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි තරුණිය දින පහකට පසු නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි (09) දින පස්වරුවේ සොයාගත් බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ සොයාගනු ලැබුවේ නුවරඑලිය වත්ත පහල කොටසේ පදිංචි ජෙයබාලන් කර්පුගධාරණි නැමති (26) හැවිරිදි තරුණියයි.

අතුරුදහන්ව සිටි තරුණිය ඉකුත් (05) දින සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර සෙවිමට ගිය අවස්තාවේ තරුණිය රක්ෂිතය තුල අතුරුදහන් විමෙන් අනතුරුව නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින්, නුවරඑලිය පොලිසියේ නිලධාරින් සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් (05) දින සිට දින පහක් තිස්සේ පැය 96 ක් අතුරුදහන් තරුණිය සොයා මෙහෙයුම් දියත් කර තිබුණි.

මෙහෙයුම දියත් කර තිබු යුධ හමුදා නිලධාරින් විසින් රක්ෂිතය අසල ගම්මානවල පදිංචිකරුවන්ද දැනුවත් කර තිබිම හේතුවෙන් එම තරුණිය සොයා (09) දින නුවරඑලිය ශාන්තිපුර ප්‍රදේශවාසින් නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ දවස පුරා සිදු කල මෙහෙයුමකදි එම තරුණිය රක්ෂිතය තුල කැගසමින් සිට ඇති අතර , එහිදි එම තරුණිය රක්ෂිතයෙන් පිටතට ගෙන ඒමට නුවරඑලිය ශාන්තිපුර ගම්වාසින් කටයුතු කර ඇත.

දින ගණනාවක් නිරආහාරව කුසගින්නේ සිට ඇති එම තරුණියට ගම්වාසින් විසින් ආහාරපාන ලබා දි පසුව නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින්ට සහ නුවරඑලිය පොලිසියේ නිලධාරින්ට භාර දි ඇත.

අතුරුදහන්ව සිටි තරුණිය කියා සිටින්නේ ඩන්සිනන් රක්ෂිතයේ මව සමග දර කැඩිමට ගිය අවස්තාවේ සිය මව මග හැරුණු බවත්, ඉන් අනතුරුව රක්ෂිතයේ මාර්ගවල කිහිපයක ගමන් කල තමන් අතරමං වු බවයි.

රාත්‍රි කාලයේ රක්ෂිතය තුල එක් තැනකට වි සිටි බවයි එම තරුණිය කියා සිටින්නේ.
තරුණිය අතුරුදහන් වු ඩන්සිනන් රක්ෂිතයේ සිට තරුණිය හමු වු නුවරඑලිය ශාන්තිපුර කිකිලියාමාන රක්ෂිතයට කිලෝමිටර් හයක පමණ දුරකින් යුක්ත බවද මෙහෙයුම දියත් කල යුධ හමුදා නිලධාරින් කියා සිටියි.

රක්ෂිතයේ අතරමංව සිට සොයාගත් තරුණිය නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

colombotoday

විශ්වවිද්‍යාල තුල මුලධර්මවාදී ඇඳුම් ඇදීමට සිසුවියන්ට ආගමික සංගම්වලින් බලපෑම් – ජේෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර

colombotoday

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

colombotoday

අගමැති මහින්දට චීනයෙන් සුබ පැතුම්

colombotoday

දකුණේ නීතිය උතුරට නෑ.. යාපන සරසවිය ගැටුම ගැන ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක – ගම්මන්පිල

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීමේ යුද්ධයට නායකත්වය දීමට සූදානම් – ජනපති

colombotoday