Colombo Today Local News

නිමක් නැති දඩයමක්: එක්නැලිගොඩ පැහැරගත්තා කියා තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට

වෙබ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියට අදාලව යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා 28 අත්අඩංගුවට ගෙන තිබේ.

සන්නද්ධ බුද්ධි බලකායට අනුයුක්තව මඩකලපුවේ හමුදා කදවුරක සේවය කළ ලුතිනන් වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ලුතිනන්වරයාගෙන් මීට පෙරද ප්‍රකාශයක් ලබාගෙන තිබුණු අතර නැවත ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ නිලධාරියාත් සමග මේ වන විට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉදිරියේදීත් ඊට අදාළව තවත් බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

වස්කඩුවේ ලී මෝලක ගින්නක්

colombotoday

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

මොරගල්ල මුහුදේ දියනෑමට ගිය පස්දෙනෙකු දියවැලකට හසුවෙයි

colombotoday

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාව

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ ගුණ වර්ණනා කරන්න මට අවශ්‍ය නැහැ – ආරක්ෂක ලේකම්

colombotoday