Colombo Today Local News

අභිරහස් ලෙස මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයන් නව දෙනකුගේ සිරුරු මුලතිව් අලම්පිල් ‍වෙරළට ගොඩගසයි

මුලතිව් අලම්පිල් මුහුදු ‍වෙරළට ගොඩගසා තිබූ මියගිය ඩොල්ෆින් මසුන් නව දෙනකුගේ සිරුරු ඉකුත් දින දෙක තුළ සොයාගත් බව උතුරු පළාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසයි.

මුලතිව් අලම්පිල් මුහුදු වෙරලේ සිට කිලෝමීටර් 2 ක් පමණ දුරින් වෙලට ගොඩගසා සිටි මිය ගිය ඩෝල්ෆින් මාළුන්ගේ සිරුරු වරිනවර ප්‍රදේශයේ ධීවරයින්ගේ දැනුම් දීම මත සොයාගත් බව එම කාර්යාලය කියයි.

එහිදී මිය ගොස් සිටි අඩි 05 ත් 06ත් අතර දිගැති ඩෝල්ෆින් පිරිමි සතුන් සිරුරු 05 ක්ද අඩි 02 ක් දිගැති කුඩා පිරිමි ඩොල්ෆින් මාළුවකු සහ අඩි 05 ක් දිගැති ගැහැනු සත්වයන් 03 ක් සොයාගත් අතර ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

එහිදී ඩෝල්ෆින් මාළුන්ගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රසපරික්ෂක වෙතට යාමට පියවර ගෙන ඇති අතර ඩෝල්ෆින් මාලු මිය යාමට නිශ්චිතවම හේතුවක් සඳහන් කිරීමට නොහැකි බවටද වනජීවි නිලධාරීන් පවසයි.

මිය ගොස් සිටි ඩෝල්නේ මාළුන්ගේ සිරුවල ප්ලාස්ටික් කැබලි කිහිපයක්ද තිබී සොයාගෙන ඇති අතරම ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා හෝ මාදැලකට හසුවීම නිසා මෙම ඩොල්ෆින් මාලුන් මිය යන්නට ඇති බවට වනජීවි නිලධාරීහු සැක පළ කර සිටි.

Related posts

මිලියන 200ක මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් හසු වෙයි

colombotoday

සුදු වෑන් නාටකය ඇණකොන්ඩා… බොරු රැවුල් අලවා ගෙනැවිත් ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රියදුරෙක් !

colombotoday

ඒකාබද්ධය බලය උරගා බලන්න යයි… පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

colombotoday

සති අන්තයේ දිවයින පුරා ඇදිරි නීතිය පැනවීමක් නැහැ

colombotoday

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday

ඒකීයභාවය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහෝසිවන යෝජනාවලට ශ්‍රීලනිප එකගත්වය නෑ

colombotoday