පාසල් කාලයෙන් අනතුරුව සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
නියමු ව්‍යාපෘතිය ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 7ක ආරම්භ කළ බව එහි අතිරේක ලේකම් මහින්ද යාපා මහතා පවසයි.
එම සිසුන්ට දිවා ආහාරය ලබාදීමට ද පියවර ගෙන ඇති බව ඔහු පවසයි.
අතිරේක ලේකම්වරයා සදහන් කරන්නේ, මීට සමගාමීව පාසල් වේලාවෙන් අනතුරුව සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා ද විවිධ වැඩසටහන් සකස් කර ඇති බවය.