Colombo Today Local News

රදගුරු සංගමයට පාස්කු කොමිෂන් වාර්තාව දැන් හොදයිලු

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ප්‍රමුඛ කතෝලික රදගුරු සංගමය,පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යයනය කළ බවත් එහි ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ සඳහන් වන කරුණු පිළිගන්නා බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසත් එහිදී අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය පවසයි.

එමෙන් ම, බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයින්, ඊට අනුබල දුන් අය සහ සිය රාජකාරිමය වගකීම් පැහැර හැර ඇති පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට සම්පූර්ණ බලය සහ නිදහස ලබාදිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වන අධිකරණමය ක්‍රියාවලිය හැකි ඉක්මනින් ආරම්භ විය යුතු බවත් එම නිවේදනයේ ඇතුළත්ය.

රදගුරු සංගමය වැඩිදුරටත් සඳහන් කළේ, ඉතාමත් ඉක්මන් සහ විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලියක් හරහා අත්‍යවශ්‍ය කාරණයක් සේ සලකා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කර දිය යුතු බවයි.

Related posts

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

Admin

රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය කැඳවයි

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

UPDATE: අදත් ඇප නොළැබෙයි… ඥාණසාර හිමි 23 දක්වා යළි සිරගත කරයි!

colombotoday

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin

වීවලට සහතික මිලක් හාල්වලට පාලන මිලක්

Admin