Colombo Today Local News

සැඟව සිටි පලස්තීනුවෙක් බම්බලපිටියේදී අත්අඩංගුවට

වසර පහකට ආසන්න කාලයක් හොර රහසේ මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් බම්බලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (31)දින රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

විදේශීය ජාතිකයකු බම්බලපිටිය විශාඛා පාරේ නිවසක රැඳී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය.

මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හා අන්තවාදී සංවිධාන සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව ස්ථානාධිපතිවරයා පවසයි.

සැකකරු 2016 වසරේදී මෙරටට පැමිණි පුද්ගලයෙකි.

48 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මාළිගාවත්තේ පාසලකට මැදපෙරදිග රටකින් කෝටි 25ක්.. සල්ලිවලට වෙච්ච දෙයක් නැතිලු !

colombotoday

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

colombotoday

වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

Admin

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ලේකම් “පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක.

Admin

පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

නව අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday