Colombo Today Local News

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

හෙරෝයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 260ක් සමග පුද්ගලයෙකු මිරිහාන කන්දවත්ත පාරේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

“චූටි බබා” නමින් හඳුන්වන සැකකරු බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් සමග සබඳතා පවත්වන බවට තොරතුරු අනාවරණ වී තිබේ.

මේ අතර මාතර බන්ධනාගාරයේ සිරකරුවන්ට හෙරෝයින් අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ ප්‍රධාන ජාවාරම්කරුට සහාය දැක්වූ පුද්ගලයින් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බවය.

මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (08)දින පස්වරුවේ මාතර මහාධිකරණය අසල සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී ඔවුන් සන්තකයේ තිබූ හෙරෝයින් ග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා “කැරට්’ සහ “බීට්” යන අන්වර්ථ නාමවලින් හඳුන්වන අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මාතර අධිකරණයේ නීතීඥවරුන්ගේ කාර්යාලවලට පිවිසෙන මාර්ගයේ රැඳී සිටියදීය.

අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් 57ක් තිබී පොලීසිය සොයාගෙන තිබේ.

එම සැකකරු අදාළ ස්ථානයට පැමිණ තිබුණේ, බන්ධනාගාර නියාමකවරියකට අයත් යතුරු පැදියකින් බව පොලීසිය පැවසීය.

Related posts

නව ජනපති දිවුරුම් දීම අද

colombotoday

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday

ගෝඨාභය ජනපති අපෙක්ෂක කරන්න, වෙන විකල්පයක් නෑ – වයඹ සංඝනායක හිමියෝ හිටපු ජනපතිට කියයි

colombotoday

මහරගම අනතුරකින් මාර්ගය හිරවෙයි

colombotoday

ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුයි – වටරැක විජිත හිමිට විරුද්ධ බොදු බලේ පැමිණිල්ල විභාගයට

colombotoday

ඥාණසාර හිමියන් ගැන දෙමළ මාධ්‍යවල ව්‍යාජ පුවතක් !

colombotoday