Colombo Today Local News

හිස්බුල්ලාගේ ශරියා සිහිනය බොද වෙයි ! බැටිකලෝ විශ්වවිද්‍යාලය, ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමට ජනපති තීරණය කරයි.

මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් සෞදි ධන කුවේරයෙකුගේ ආධාරයෙන් ඉස්ලාමීය ශාරියා නීතිය ඉගැන්වීම සදහා මඩකලපුව, පූනානි හි ඉදිකල එම විශ්ව විද්‍යාලය පසුගිය සමයේ දැඩි ලෙස ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක් විය. බොහෝ පාර්ශවවල ඉල්ලීම වී තිබුණේ අදාල විශ්ව විද්‍යාලය තහනම් කිරීමට හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කරගැනීමට කටයුතු කරන ලෙසයි.

අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී පහත කරුණු කෙරෙහිද වැඩි අවධානයක් යොමු කර තිබේ.

තාක්ෂණය මුල්වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක‍්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතුය. එහිදී විභාගය කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක‍්‍රමවේදයෙන් මිදී දරුවන්ගේ කර මත පැටවී ඇති ඉසිළිය නොහැකි බර ඉවත්වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එහිදී රටේ අවශ්‍යතාව මෙන්ම අන්තර් ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමුකිරිමේ ඇති වැදගත්කම ද පැහැදිලි කෙරිණි.

අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයින් විසින් සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රැකියා විරහිත උපාධිධාරින් පුරප්පාඩු ඇති ආයතනවලට ගැළපෙන අයුරින් පුහුණු කර ඒ සඳහා යොමු කිරිමට කඩිනමින් පියවර ගත යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

2018 වසරේ උසස්පෙළ සමත් දරුවන් හැකි ඉක්මණින් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කිරීමට පියවර ගත යුතුව ඇත. එමෙන්ම 2019 වසරේ සිට උසස්පෙළ ප‍්‍රතිඵල නිකුත් වී කෙටිකාලයක් තුළ දරුවන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උසස් පෙළ සමත් සැම දරුවකුටම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබා දිය යුතුව තිබේ. එමෙන්ම කෙටිකාලීන වශයෙන් රටට අවශ්‍ය ශ‍්‍රමබලකාය බිහිකිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ඇති කිරිම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කිරීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රටේ අවශ්‍යතාව සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීමට කාලය එළැඹ තිබේ. ඒ සඳහා විශ්වවිද්‍යාල දිරිමත් කළයුතු අතර බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්ෂේත‍්‍රය නගාසිටුවීමට කි‍්‍රයා කළයුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි විශ්වවිද්‍යාල ආරම්භ කිරිමේ වැදගත්කම මෙහිදී සාකච්ජාවට ලක්විය. ඒ සඳහා විශාල භූමිභාගයන්හි පිහිටා ඇති ප‍්‍රයෝජනයට නොගත් ගොඩනැඟිලි ප‍්‍රතිසංස්කරණය කර යොදා ගැනීමේ හැකියාව ද සොයා බැලිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතුව තිබේ. කලා අංශයෙන් අධ්‍යාපනය ලබන අය කෙටිකාලයකින් තොරතුරු තාක්ෂණ දැනුම සමඟ මුසුකර ආර්ථික කි‍්‍රයාවලියට එක්කර ගැනීමද ඉතා වැදගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු රට තුළදිම ලබාගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. ගුරු හිඟය පියවීමට පියවර ගැනීමටත්, පාසලක සිටිය යුතු ගුරුවරුන් පිරිස පුරප්පාඩු නොකර අනිවාර්යයෙන්ම පවත්වාගෙන යාමටකි‍්‍රයා කළ යුතුය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළයුතු බව ද මෙහිදී සාකච්ජාවට ගැනිණි.

Related posts

පුංචි පහේ හපනා මාතරින්.. දෙවනියා කුළියාපිටියෙන්, වව්නියාවෙන්

colombotoday

ජනපතිට එරෙහි මඩ ව්‍යාපාරය අගමැති කාර්යයෙන් ! Facebook ආයතනය තහවුරු කරයි?

colombotoday

“මගේ ගමන නවත්වන්න කොටින්ට බෑ” කොටි කුලප්පුවට මහින්දගෙන් සිනාමුසු ප්‍රතිචාර

colombotoday

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයන්ට පැසසුම් – යුපුන්ට උසස්වීමක්

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 470ක් අත්අඩංගුවේ

colombotoday

මහින්ද අගමැති කරවන සිම්පල් ප්ලෑන් එකක් ප්‍රසන්න හෙළි කරයි (Video)

colombotoday