World

හියිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි.. උතුරු කොරියාව හෙල්ලෙයි

හයිඩ්‍රජන් බෝම්බයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියානු රජය අද නිල වශයෙන් ප්‍රකාශ කළා. මෙ අත්හදා බැලීම සිදුකර ඇත්තේ එරට පිහිටි ප්‍රධාන න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදුකරන වැඩබිමකදීයි.

කෙසේ‍ වෙතත් විදෙස් මාධ්‍ය අද උදෑසන වාර්තා කර තිබුණේ උතුරු කොරියාවේ භූ කම්පනයක් සිදුව ඇති බවයි. එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 5.1ක් ලෙසටද එම වාර්තාවල සදහන් කර තිබුණා.

එහෙත් සැබෑ ලෙසම සිදුව ඇත්තේ හයිඩ්‍රජන් බෝම්බ අතහදාබැලීමක් බව උතුරු කොරියානු බලධාරීන් පසුව නිවේදනය කළා.

උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එරට නායක කිම් ජොන් උන් පසුගිය දෙසැම්බරයේ ප්‍රකාශ කර තිබුණේ තමන් හියිඩ්‍රජන් බෝම්බයක් නිශ්පාදනය කරමින් සිටින බවයි.

Related posts

ඉන්දියාවේ මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩාවැටෙයි

colombotoday

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

colombotoday

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

Admin

ඇපල් සමාගමට යුරෝ මිලියනයක දඩයක්

Admin

බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබා ගැනීමට අවසර

colombotoday

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ පිපිරීමක්… හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Admin