Colombo Today Local News

හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල 600 ක් තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේදී අත්අඩංගුවට…

කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇදුමි කට්ටල 600 ක්  ඇතුළු උපකරණ රැසක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු  සැකපිට අත්අඩංගුවට  ගත් බව කුරුණෑගල පොලීසිය කියයි.
 
කඩු 4ක්,  ගිනි අවියක බැරලයක්, කිනිසි 2ක්, වායුරයිෆල් 1ක්,  වෝකිටෝකියක කොටසක් , ව්‍යාජ   රබර් සීල් 21ක්ද  මේ අතර තිබී සොයා ගෙන තිබේ.  
මෙම ව්‍යාජ රබර් සීල් අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ගේ මුද්‍රාව , විදේශ කටයුතු අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ නිල මුද්‍රා සහ අරාබි සහ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ මුද්‍රා කිහිපයක්ද වේ.

පොලිසිය සැක කරන්නේ මෙම ව්‍යාජ මුද්‍රා යොදා ගෙන පොලිස් සහතික සහ විදෙස් ගත වීමට අවශ්‍ය ලිපි ලේඛන සකසා ගෙන ඇති බවය. 
 
 හමුදා නිලඇදුමට සමාන (කැමා ඇදුම් ) මසන ලද සම්පූර්ණ ඇදුම් කට්ටල 600 සමඟ යුධ හමුදා ඇදුමට සමාන රෙදි පීස් 05ක්ද සොයාගෙන තිබේ. ⁣මෙම සැකකාර පුද්ගලයන් සිව්දෙනාම එක ආසන්නයේම වෙසෙන අය බවද කියයි .

Related posts

වැල්ලවාය, ඇල්ලේවල ඇල්ලේ ගිලි තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

මගේ ආණ්ඩුවක් යටතේ ශිෂ්‍යත්වයෙන් අසාධරණයට පත් දරුවන්ට යුක්තිය ඉටු කරනවා

Admin

සීමා නීර්ණය තව කල් යයි.. වෙසක් උළෙලට පෙරනම් ඡන්දය බෑ – මැකො

colombotoday

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සභාපති ජෙෆ්රි අලෝසියස් CID අත්අඩංගුවට

colombotoday

වයිබර් වැඩ…

colombotoday

සුදු/රතු කැකුළු සහල්වලට උපරිම සිල්ලර මිලක්

colombotoday