ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ අණ පනත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කළ පිරිස් වලට ජනතාව වෙනුවෙන් සේවය කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (19)දින අලව්ව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට ඇති බිය හේතුවෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටින බවත් අගමැතිවරයා එහිදී පැවසීය.