Colombo Today Local News

හන්තානත් එළිපෙහෙළි කරයි එනසාල් වගාවක්ලු.. දේශපාලඥයෙක්ගේ සහය

මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19ක පමණ භූමි ප්‍රදේශයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසරවේදීහු පවසති.

පසුගිය බ්‍රහස්පතින්දා සිට මෙම භූමි ප්‍රදේශය කිසියම් වගාවක් හෝ සංවර්ධන කටයුත්තක් සඳහා එළිපෙහෙළි කරමින් තිබෙන බවත්, දැනටමත් අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇතැයි ද වාර්තා වේ.

මෙලෙස හන්තාන භූමිය එළිපෙහෙළි කරනු ලබන්නේ එනසාල් වගාවක් සිදු කිරීමට බවට තොරතුරු ලැබී ඇති බවත් පරිසරවේදීහු පවසති.

මෙම පරිසර හානිය පිළිබඳ මහනුවර පොලීසියට සහ පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කළ බවත් පොලිස් හදිසි ඇමතුම් අංශය අදාළ ස්ථානය නිරීක්ෂණයට ගියද නමුත් පළක් නොවූ බවත් මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ පොල්ගොල්ල කාර්යාලය දැනුවත් කිරීමට ද කටයුතු කර ඇති බවත් හන්තාන සුරකින්නන්ගේ සංගමය කියා සිටී.

Related posts

බස් ගාස්තු සියයට 4කින් ඉහළට – රු.30ක අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ

Admin

විධායක ජනපති ධුරය අහෝසි කිරීම – සහය ඕනනම් මහින්දගෙන් අනුරට කොන්දේසියක්

colombotoday

මා දැව ජාවාරමේ නෑ.. හොරු අල්ලන්න උදව් කළා පමණයි – හිරුණිකා

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව කතානායකට

colombotoday

දිනෙන් දින ඉහල යන උද්ධමනය

Admin

මහින්ද සටන් සගයා වෙනුවෙන් අඩියක් පස්සට ගනී.. ජනපතිට, අගමැතිටත් කතා කරයි

colombotoday