Colombo Today Local News

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි බලාත්මක වී නොමැති වීම මැතිවරණ කොමිශන් සභාව මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමට ලබා දී මසකට වැඩි කාලයක් ගත වී තිබුණ ද තවමත් රෙගුලාසි වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත්ව නැති බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පවතින කොවිඩ්-19 වෛරස තත්ත්වය යටතේ ජනතාව නිසි පරිදි ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව ඒ මහතා පවසයි.

මැතිවරණ රැළිවල ඊට සහභාගී වන පුරවැසියන් මෙන්ම දේශපාලකයින්, අපේක්ෂකයින් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු සියලු දෙනා අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.

Related posts

කටාර් අවුලෙන් ගුවන් ගමන් නවතී.. කටාර් රියාල් මාරු කිරීමත් ගුවන්තොටුපොළ බැංකු ප්‍රතික්ෂේප කරයි

colombotoday

පෙට්ටි නම් ලෑස්තියි – අපිත් දැන් ලෑස්ති වෙමුනේ ?

Admin

පියා අවුරුදු දෙකේ, හතේ දරු දෙදෙනා කපා කොටා මරා ඔහුත් දිවි නහගෙන

Admin

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් කතාවේ ඇත්ත සහ නැත්ත

colombotoday

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin