කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක පිට තවත් පුද්ගලයෙකු පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අද දහවල් මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය හමුවට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගේ අන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති අතර සැකකරු පැය 72 රඳවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට රහස් පොලීසිය අවසර ලැබී ඇති බවද වාර්තා වේ.