Colombo Today Local News

සුළු වැරදිවලට හා ඇප තැබීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්න ජනාධිපතිගෙන් උපදෙස්

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  උපදෙස් දෙයි.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපතිතුමා පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ දී එතුමා හමු වූ අවස්ථාවේ දී මේ උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ මහතා  මීට පෙර බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණ කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට පියවර ගැනිණ.

දැනට දඩ මුදල් ගෙවීමට හෝ ඇප මුදල් හෝ පුද්ගල ඇප ලබාදීමට අපොහොසත් රැඳවියන්ට නෛතික ප්‍රතිපාදන සැලසීමට  නිර්දේශ ඉදිරිපත් කරණු පිණිස කමිටුව මාර්තු 26 වනදා ජනාධිපතිතුමා යළි හමුවීමට නියමිතය.

නීතිඥ කමිටුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විතය.

බන්ධනාගාර කොමසාරිස් ජයසිරි තෙන්නකෝන්, නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ලේකම්  කෞෂල්‍ය නවරත්න, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර සිල්වා, නීතිඥ සුසර දිනාල් යන මහත්වරු ඇතුළු නීතිඥ පිරිසක් හමුවට එක්ව සිටියහ.

Related posts

නාමල්ට පත්තු වෙන අලුත්ම නඩුව?

Admin

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්…

colombotoday

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙනුත් පෙත්සමක්

colombotoday

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිට Pick Me කුණුහරුපෙන් අමතයි.

colombotoday

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin