Colombo Today Local News

සීඅයිඞීය කරන්නාගොඩගෙන් පැය 8 ක් ප‍්‍රශ්න කරයි

දෙමළ ජාතිකයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත  කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11 වැනිදා) පැය අටක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකට අනුව ඊයේ (11 වැනිදා) පෙරවරු 9.00 ට පමණ අද්මිරාල් කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පෙරවරු 9.00 සිට පස්වරු 5.00 පමණ වනතුරු පැය 8 ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.

දෙමළ ජාතිකයන් එකොළොස් දෙනකු පැහැරගෙන යෑම, අතුරුදන් කිරීම, තොරතුරු වසන් කිරීම, කුමන්ත‍්‍රණය, මිනිමැරීම ඇතුළු චෝදනා කීපයක් අද්මිරාල් කරන්නාගොඩ මහතාට එල්ල වී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියේය.

ඒ අවස්ථාවේ කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

අද්මිරාල් කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශ ලබා දෙන ලෙස උසාවිය ඒ මහතාට නියෝග කර තිබිණි.

අද්මිරාල් කරන්නාගෙඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම නියෝගය අනුවය.

Related posts

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

Admin

“ජනතා සේවය හරියට කරන්නනම් ලක්ෂ හාරසීයේ බෙනස් එකක් නැතුව බෑ” – ෆොන්සේකා

colombotoday

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

colombotoday

නව කැලණි පාලම ලබන සඳුදා දක්වා වැසේ

Admin

ඉදිරි සතිය තීරණාත්මකයි.. ජනපති දැඩි තීරණ රැසක් ගන්න යයි !

colombotoday