Colombo Today Local News

සිවාජිගේ විරෝධයෙන් යාපනේ “සංඝමිත්තා – මිහිඳු – කාවන්තිස්ස” ප්‍රතිමා ඉවතට

යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එයට විරෝධය පෑම නිසා ඒවා එම ස්ථානයෙන් ඉවත් කළ බව පොලිස් ආරංචිමාර්ග කියයි.

පෙරේදා (21) මෙම සිද්ධිය සිදුවී තිබිණි.

තාප්පයේ ඇඳ තිබූ චිත්‍රයට අදාළව සංඝමිත්තා තෙරණිය, මිහිඳු හිමියන් හා කාවන්තිස්ස රජුගේ ප්‍රතිමා තුනක් මෙහි නිර්මාණය කර තිබිණි.

සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා උතුරට අවශ්‍ය නොවන බවත්, වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසද කියමින් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් එම ප්‍රතිමා ඉවත් කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

යාපනය බන්ධනාගාරයේ හින්දු සිරකරුවන් පිරිසක් ඉකුත් වසරේ බන්ධනාගාරයේ පැවැති තරගයක් වෙනුවෙන් සංඝමිත්තා තෙරණිය, දඹකොළ පටුන හරහා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම චිත්‍රයට නගා තිබූ අතර, සංඝමිත්තා තෙරණිය, මිහිදු හිමියන් හා කාවන්තිස්ස රජතුමාගේ ප්‍රතිමා තුනක් ද එහි ඉදිකර තිබූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

තරගයෙන් පසුව එම චිත්‍ර හා ප්‍රතිමා ආවරණය කර තිබූ අතර මේ දිනවල රට පුරා තාප්පවල චිත්‍ර ඇඳීමේ කලාවක් පවතින හෙයින් බන්ධනාගාර සිරකරුවන්ද එම අවස්ථාවට එක්වෙමින් මෙම චිත්‍ර හා මූර්ති නිරාවරණය කර ඇත.

සිද්ධිය සැලවීමත් සමග සිවාජිලිංගම් ඇතුලු උතුරේ දේශපාලකයන් පිරිසක් පෙරේදා එම ස්ථානයට පැමිණ චිත්‍ර ඇඳීමේ නිරත පිරිසට සිය විරෝධය දක්වා ඇති අතර, එහිදී ඔවුන් සමග වචන හුවමාරුවක් ද සිදුවී ඇතැයි කියති.

සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීමට ඉඩ දිය නොහැකි බවට පැවසීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් එම ප්‍රතිමා එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවර ගත් බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

වෙලේ සුදාට තොන්ඩුව- දිනය සහ වෙලාව ජනපති නියමයෙන්

colombotoday

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

colombotoday

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

Admin

හොර ඡන්ද දැමීමේ තැතක්… නිල ඡන්ද පත්‍රිකා තොගයක් එජාප ආධාරකරුගේ නිවසින් හමුවේ

colombotoday

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා

colombotoday

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වෙයි

colombotoday