Colombo Today Local News

සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘතයි

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු සියලු සත්වවෝද්‍යාන සහ ජාතික වනෝද්‍යාන අද (15)දින සිට නැවත විවෘත කරන බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ අනුය යාල , විල්පත්තුව , උඩවලව , මින්නේරිය , කවුඩුල්ල ඇතුළු ජාතික උද්යාජන 08ක් සංචාරකයින් සඳහා විවෘත කෙරෙනු ඇති.

කෙසේවෙතත් රජය විසින් ලබා දි ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සංචාරකයින්, සංචාරක මඟ පෙන්වන්නන් හා සෆාරි ජිප් රථ රියදුරන් තරයේ පිළිපැදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ජාතික උද්‍යානය තුළට ඇතුල් වීමට අවසර ලබා දෙන වාහාන සංඛ්‍යාව ව ද සිමා කිරීමට ගෙන ඇති අතර යාල හා උඩවලව ජාතික උද්‍යානවලට දිනක දී ඇතුළු කළ හැකි උපරිම වාහන සංඛ්‍යාව 150ක් වෙයි.

Related posts

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

colombotoday

කෝට්ටේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

colombotoday

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday