Colombo Today Local News

සියලුම මුස්ලිම් ඇමතිවරුන් තනතුරු අත්හරිති…

රජයේ අමාත්‍යධූර දැරූ රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු සියලූ මුස්ලිම් නියෝජිතයින් එම ධූරයන්ගෙන් ඉවත්ව තිබේ.  

රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්‍ෂා කරගැනීම සදහා තමන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.  

ඇමති ධූරයන්ගෙන් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත් නොවන බව ඔහු සදහන්  කළේය.

ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් වේ…
ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍ාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

Related posts

බැසිල් වෙනුවට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

colombotoday

වී ගබඩා කීරිමට රජය ගත් තීරණයෙන් මත්තලට බර හානි. වී තොග ඉවත් කරගන්න ඇමති නියෝග කරයි.

colombotoday

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියයයි

Admin

තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්

Admin