සිංගප්පූරුවේ රැඳී සිටි ශ්රී ලාංකිකයන් 283 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස අද (12)දින සවස 5ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තාවේ.
ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබේ.