Colombo Today Local News

සහරාන් ගැන කාත්තන්කුඩිය නගාරාධිපති කට අරී. සහරාන් ගැන මම කියපු දේ ඇහුව නම් මෙහෙම වෙන්නෙ නැහැ!

කාත්තනකුඩියේ නගරාධිපතිවරයා වු ෂාවුල් හමීඩ් මොහමඩ් අෂ්පර් මහතා යුද හමුදාවේ සේවය කරමින් රට රැකගන්නට අභීත මෙහයක්‌ කළ අයෙක්‌. 2007 වසරේදී කාත්තන්කුඩිය උප නගරාධිපතිය. 2012 සහ 2018 දි නගරාධිපතිවන්නේ ඔහුයි. සහරාන් පිළිබඳව අභීතව හඬ නගමින් ආරක්‌ෂක අංශ සහ බුද්ධි අංශවලට සහරාන් පිළිබඳව සියලු තොරතුරු ලබා දෙමින් ඔහු මෙම පාස්‌කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් අත්අඩංගුවට ගැනීමට ප්‍රබල උත්සාහයක්‌ ගැනීමට සිදුවුණා. අවසානයේදී බුද්ධි අංශ සහරාන්ගේ ප්‍රහාරයන් පිළිබඳව අනතුරු හඟවා තිබුණද බළධාරීන් සිටියේ සහජීවනයෙන් මත්ව නිසා ඔවුනට මෙම අනතුර නොපෙනී ගියා.

සහරාන් විසින් 2017 දී කාත්තන්කුඩියේ තිබුණු රැස්‌වීමකට මිනිස්‌සු ගල් ගැසුවා ඒයාගේ වැරදි අදහස්‌වලට මිනිස්‌සු කැමති නැති නිසා. ඊට පස්‌සේ සහාරාන්ගේ කට්‌ටිය පිහි පොලු අරන් ඒ මිනිසුන්ට ගැහුවා. මිනිස්‌සු 04 කට තුවාල වුණා. ඒකට සහරාන්ගේ පැත්තේ තුන් දෙනෙක්‌ අත්අඩංගුවට ගත්තා. නමුත් සහරාන් අත්අඩංගුවට ගත්තේ නැහැ. එයා ගමේ හිටියා. පස්‌සේ සහරාන් අල්ලන් කියලා ගමේ තරුණ ගැහැණූ පිරිමි විශාල පිරිසක්‌ එකතු වෙලා පෙළපාලියක්‌ පවා ගියා. නමුත් එයාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ නැහැ. මඩකලපුව උසාවියෙන් සහරාන් අල්ලගන්න විවෘත වරෙන්තුවක්‌ නිකුත් කරා. ඒත් පොලිසිsය නොවෙයි සහරාන්ව අත්අඩංගුවට ගත්තේ. ඒ එක්‌කම සහරාන් ඊට පස්‌සේ සමාජ ජාලා මාධ්‍යයෙන් දේශනා කරන්න ගත්තා. දෙමළින් සහ අරාබි භාෂාවෙන්. බේරුවල, අම්පාර, නුවර පල්ලිවලට ගහපු පළිය ගන්නවා කියලා කීවා. ඒa නිසා ලංකාවට විනාශයක්‌ කරනවා කියාලා කීවා. පුපුරණවා කියලා කීවා.

සහරාන් ගැන මම කියපු දේ ඇහුව නම් මෙහෙම වෙන්නෙ නැහැ!

මම බුද්ධි අංශවලට කතා කරලා කිව්වම ළඟදීම සහරාන් මහා විනාශයක්‌ කරනවා. මෙහම ඉදලා හරි යන්නේ නැහැ. ඔය කට්‌ටිය ගිහින් ඒ අයව ඇරෙස්‌ට්‌ කරන්න. එහෙම නැතිනම් මට මෙහම කරන්න අවසර දෙන්න. මට ලයිසන් තුවක්‌කුවක්‌ තියෙනවා. මට සහරාන්ගේ කල්ලියට සම්බන්ධ කට්‌ටියට වෙඩි තියලා මරලා පාරට දානවා. මට ඒකට අවසර දෙන්න කියලා කීවා. නමුත් ඒ අයගෙන් ඒකට ඉඩ ලැබුණේ නැහැ. එ කට්‌ටිය ඒකට කිසිම පියවරක්‌ ගත්තේ නැහැ. සිංහල අවුරුදද්ට දින දෙකකට පස්‌සේ 16 වැනිදා රෑ බෝම්බයක්‌ පිපිරෙන ශබ්දයක්‌ ඇසුණා. ඒ වෙලේ පොඩි වැස්‌සක්‌ තිබ්බා. මම ඒ වෙලේම ආරක්‌ෂක අංශවලට කීවා දැන් බෝම්බයක්‌ පිපිරුණු මොකක්‌ද කියලා හොයලා බලන්න කියලා. එයාලා කීවා ඒ බෝම්බයක්‌ පිපිරුණා නෙවෙයි විදුලි කොටලා අකුණක්‌ ගහපු ශබ්දයක්‌ කියලා. එක්‌ ඒ වෙලාවේ පිපිරුණේ බෝම්බයක්‌. කාත්තන්කුඩියේ පොල් වත්තක තමයි ඒa බයිසිකල් බෝබ්බයක්‌ පිපිරිලා තිබ්බේ. ඒ ගැන හෙව්වා නම් කිසිම ඇක්‌ෂන් එකක්‌ නැහැ. ඒ ගැන හරියට හෙව්වෙ බැලුවෙ නැහැ. ඒ බෝම්බේ ගැනවත් හරියට හෙව්වා නම් සහරාන් කරපු මහා විනාශය වළක්‌වා ගන්න තිබුණා යෑයි කාත්තන්කුඩිය නගරාධිපතිවරයා කීවේය.

ගායන ශිල්පී ඉරාඡ් මඩකලපුව හිමිගේ සහායට 

30 වසරක යුද්ධයෙන් විනාශ වූ මඩකලපුව මංගලාරාම පුදබිම නැවත ටිකෙන් ටික ගොඩ නංවමින් බෞද්ධයන්ට වැදුම් පිදුම් කළ හැකි ස්‌ථානයක්‌ බවට පත් කළේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්. එපමණක්‌ද නොව නැෙ`ගනහිර සිංහල ගම්මාන රකිමින් අභීත ආකාරයෙන් කටයුතු කරන සුමනරතන හිමියන්ය. නිරන්තරයෙන් රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින හිමි නමකි. 

හැමදාම අනුන් දෙන දේ කකා බිබී ඉඳල හරි යන්නේ නැහැ. කකුල් දෙකින් හිටගෙන කාටවත් අතනොපා ජීවත් වෙන්න ඕන. ඒ නිසා උනන්දු වෙයල්ලා මම කොහොම හරි ජීවත් වෙන්න ආදායම් මාර්ගයක්‌ හදලා දෙනවා. සුමනරතන හිමියන් නිරන්තරයෙන් ගම්වාසීන්ට පවසා සිටින්නට වුණා. ඒ ඒ නිසා උන් වහන්සේ වියළි කෙවිලියාමඩුව ගම්මානයේ අස්‌වද්දන්නට ගොවිපොළක්‌ ආරම්භ කරා.

ගායන ශිල්පී ඉරාඡ් වීරරත්න මහතා පැමිණ මඩකලපුව සුමනරතන හිමියන්ගේ ආගමික ශාසනික හා ජාතික මෙහෙවර පිළිබඳව වීඩියෝ වැඩ සටහනක්‌ කරන්නට වුණා. ඒ ගැන සුමනරතන හිමි මෙහෙම කිව්වා. 

දහසක්‌ දුක්‌විඳලා මම මංගලාරාම පුදබිම මෙන්ම අවට වෙහෙර විහාර සහ ගම්මාන රැකගන්නට අප්‍රමාණ වෙහසක්‌ ගන්න වෙලාවක රටතුළ ඇති ආර්ථික, දේශපාලන, අධ්‍යාපන, ආගමික පීඩනයන් මැද අපිට උදව් උපකාර කරන්න ඉඩකඩ අඩුයි කියා මා පිළිගන්නවා. ඒත් මෙම විහරාස්‌ථාන සහ මෙම ගම්මානවල ජනතාව ආරක්‌ෂා කර ගන්න බහුතර සිංහල ජනතාවෙ ග් ලොකු උත්සාහයක්‌ තියෙනවා.

මාගේ උත්සාහයට සහය දෙන්නටත් මා දිරි ගන්වන්නටත් පසුගියදා අපේ රටේ දක්‌ෂ ගායකයෙක්‌ වන ඉරාඡ් වීරරත්න මහතා පසුගියදා මඩකලපුවට පැමිණ මංගලාරාමය සහ කෙවිලියාමඩුව සම්බන්ධ කරගනිමින් මාගේ ආගමික ශාසනික හා ජාතික මෙහවර පිළිබඳව වීඩියෝ වැඩසටහනක්‌ කරා. එම වීඩියෝ පටය මේ වන විට අන්තර් ජාලයේ ලක්‌ෂ ගණනක්‌ බලලා තියෙනවා. ඒ අනුව යම් පිරිසක්‌ අපගේ මෙහවර වෙනුවෙන් සහයක්‌ දෙන්නට ඉදිරිපත්ව සිටිනවා. 

එහි එක්‌ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග අප හා සම්බන්ධ වෙමින් රුපියල් ලක්‌ෂ 36 ක්‌ වටිනා ට්‍රැක්‌ටරයක්‌ සහ ටේ්‍රලරයක්‌ න`ගුල් ඇතුළු සියලු උපකරණ පරිත්‍යාග කරා.

තිස්‌ වසරක යුද්ධයෙන් බැට කෑ මාහට පිහිටවූ ඔබ සැමට පින්. 
– මඩකලපුවේ සුමනරතන හිමි

මම විහරස්‌ථාන කිහිපයක්‌ ගොඩ නගලා, ගම්මාන ගොඩ නගලා වැව් හදලා ගෙන ජනතාවට ජීවත් වෙන්න ක්‍රමයක්‌ හදන්න යන වැඩපිළිවෙලට යන ගමනේදී ඉරාඡ් වීරරත්න මහතා කළ මෙහය අපිට විශාල ශක්‌තියක්‌. ඒ නිසා ලංකාව, ඉතාලිය, ඇමරිකාව, කැනඩාව වැනි ලෝකයේ බොහෝ රටවල ඉන්න පිරිසක්‌ අපිට සහය දෙන්න ඉදිරිපත් වීම අපිට විශාල ශක්‌තියක්‌. ඒ වාගේම අපිත් එක්‌ක එකතුවෙලා මෙච්චර කාලයක්‌ සහය දීපු පිරිසක්‌ ඉන්නවා. හෙල බිම සංවිධානය, හේමමාලි බණ්‌ඩාරනායක මහත්මිය, තිඹිරිගස්‌යාය මහජන බැංකුවේ කළමනාකරු හැරල්ඩ් ප්‍රේමසිරි මහතා ඇතුළු විශාල පිරිසක්‌ ඉන්නවා. ඒa අයටත් හැමදාම අපිට කරදර කරන්න බැහැ. 

එවැනි අවස්‌ථාවක්‌ අපට හිමිවුණේ ඉරාඡ් මහතා නිසයි. එවැනි සහයක්‌ අපේ මෙහවර වෙනුවෙන් ලැබුණ එක ගැන සතුටුයි. සිංහල ගම්මාන හදලා ඒ ජනතාව වෙනුවෙන් වැඩ කරන ගමන් මට මංගලාරාම භුමියේ ගොඩනංවන සිව් මහල් පිරිවෙන් ගොඩනැගිල්ල සහ රණවිරු ස්‌මාරකය ගොඩනගන්න සහයක්‌ ලැබෙනවා නම් එය මහා පින්කමක්‌ යෑයිද සුමනරතන හිමියන් පවසා සිටියා. 

Related posts

ලන්ඩන් ප‍්‍රහාරකයා ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයෙක්

colombotoday

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday

රහස් පොලීසිය මාධ්‍ය දඩයමක… “ඊනිව්ස්“ හුරතල් කර “දිවයින“ අධිකරණයට !

colombotoday

“හිලරි ක්ලින්ටන්ට ජය පතා දේව කන්නලව්වක් කරනනවා.. ඇය දිනුවොත් අපි ගොඩ“ ශිවාජිලිංගම්

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday