Colombo Today Local News

සජිත්,රවී,නවීන්,අකිල,ගයන්ත,හරීන්,හලීම්,මනෝ වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයට පත් කර නෑ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයට පත් නොකළ කැබිනට් ඇමැතිවරුන් අට දෙනකුට එරෙහිව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ඊයේ (10) අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට පැමිණිලි කර ඇත.

2018/19 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප‍්‍රකාශයට පත් නොකළ බවට දැක්වෙන තොරතුරු දැන ගැනීමේ ඉල්ලූම්පතෙහි කරුණු උපුටා දක්වමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

සජිත් පේ‍්‍රමදාස, රවි කරුණානායක, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත කරුණාතිලක, හරීන් ප‍්‍රනාන්දු, මනෝ ගනේෂන් සහ එම්. එච්. එම්. හලීම් යන කැබිනට් ඇමැතිවරුන් මෙසේ සිය වත්කම් බැරකම් ඉදිරිපත් නොකළ කැබිනට් ඇමැතිවරුන් බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසීය.

වත්කම් හා බැරකම් ප‍්‍රකාශන නීතියෙහි 4 (එ්* (11) කොටසට අනුකූලව සියලූම කැබිනට් ඇමැතිවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප‍්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුය. ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් 2019 අගෝස්තු 28 වැනිදා ඉදිරිපත් කළ ආර්ටීඅයි ඉල්ලූම්පත‍්‍රයට ප‍්‍රතිචාර දක්වමින් 2019 අගෝස්තු 20 දා වන විට කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු තම වත්කම් හා බැරකම් ප‍්‍රකාශන ඉදිරිපත් කර නැති බවට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දන්වා තිබේ.

මේ අනුව වත්කම් හා බැරකම් ප‍්‍රකාශයට පත් නොකිරීමේ වරදට රුපියල් දහසක් නොඉක්මවන දඩයක් හෝ වසරක සිර දඬුවමකට ලක් කිරීමේ හැකියාව ඇති බව ද, පැමිණිල්ල සැලකිල්ලට ගෙන නිසි පියවර ගන්නා ලෙසට අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කරන බව ද හෙතෙම කීවේය.

තම වත්කම් ප‍්‍රකාශයට පත් නොකළ කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු නියෝජිතයන් හ`දුනා ගැනීමට මේ හා සමානව තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ කථානායක කාර්යාලයෙන් ඉල්ලා ඇති බව ද එම තොරතුරු ලද වහාම අදාළ ක‍්‍රියාමාර්ග ගන්නා බවද අසෝක ඔබේසේකර මහතා සදහන් කළේය.

Related posts

මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන් කැඳවයි

colombotoday

මතට ඇබ්බැහි වුවන්ට ඖෂධ අලෙවි කළ විශ්‍රාමික වෛද්‍යවරයා අත්අඩංගුවට

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday

හදිසි නීතිය පැනවීටම මහජනතාවට හේතු දක්වන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)

colombotoday

LTTE නිසා මගේ පවුල විනාශ වූනත්, LTTE සැකකරුවන් වසර ගණනාවක් සිරකර තැබීම සදාචාරාත්මක නෑ – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

colombotoday