Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන දිනය ගැන රනිල් කියයි…

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින සිදු විය හැකි බවට තම නීතිඥවරුන් දන්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී අද(10දා) පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවේදීය. 

අදාළ නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ජනබල මෙහෙයුම පවත්වන ලෙසට සිවිල් සංවිධාන විසින් එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව එම මෙහෙයුම නඩු තීන්දුවෙන් පසුව එළඹෙන සතියේදී පැවැත්වීමට සිය පෙරමුණ තීරණය කළ බවත් එහිදී සඳහන් කළ වික්‍රමසිංහ මහතා, ජනබල මෙහෙයුම ශක්තිමත්ව, සාර්ථකව පැවැත්වීම උදෙසා ඉදිරි දින කිහිපය වැය කරමින් සංවිධාන කටයුතු සිදු කරන ලෙසට සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

Related posts

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

ත්‍රස්ත විරෝධී නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

Admin

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

රාජිතට ඇප දීමේ නියෝගය වැරදියි. මහාධිකරණය තීන්දු කරයි

colombotoday

වෙහෙරහැර රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි

Admin

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday