Colombo Today Local News

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක් පත් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ සඳහා බ්‍රිතාන්‍ය රජය හමුදා නිලධාරියකු පත්කර ඇත.මෙම හමුදා නිලධාරියා නව දිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිට කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග දන්වයි. ජිනීවා යෝජනාව ප්‍රකාරව මෙම ප්‍රතිසංවිධානය සිදුවේ.

ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනයේදී හමුදාව ක්‍රියාකළ යුතු ආකාරය, මානව හිමිකම් ආරක්‍ෂා කිරීම යන කරුණු මත ඔහු එකී ප්‍රතිසංවිධාන කටයුතුවලට සහාය වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ මෙවැනි ප්‍රතිසංවිධානයක්‌ සිදුවන්නේ මුල්වරටය.

කීර්ති වර්ණකුලසූරිය

6-1

ශ්‍රී ලංකාවේ යුද හමුදාව ප්‍රතිසංවිධානයට ලක් කිරීම සදහා බ්‍රිතාන්‍ය රජය පවුම් මිලියන 6.6 ක් ලබා දීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර තිබිණි.

මේ අතර රටින් පිට ඊළාම් ආණ්ඩුව නමින් කොටි ඩයස්පොරාව විසින් හදුවාගන්නා කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සදහා විදේශීය විනිසුරු මණ්ඩලයක් පත් කර ඇති බවත් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබදවද ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් වී ඇති බවත් පසුගිය දිනවල වාර්තා විය.

Related posts

තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

වසන්ත මුදලිගේ ගැන ප්‍රතිශෝධන පෙත්සමට අදාළව නියෝගයක්

Admin

වැඩි මුදලට පී.සී.ආර් කළැයි ලක්ෂ 5ක් දඩ

colombotoday

පුරාවස්තු විනාශය දෙස බලද්දී කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ – ගම්මන්පිල

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday