Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදිය යුතුයි. – ඩිලාන් පෙරේරා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දු කළත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් බහුතරයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

හවුල් ආණ්ඩුවෙන් මුලින්ම ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් දහසය දෙනාගෙන් දහතුන් දෙනෙකු මේ වනවිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග එකතු වී සිටින බවත්, ඉදිරියේදී තවත් දෙදෙනෙකු පැමිණීමට නියමිත බවත් ඒ මහතා පවසා සිටියේය.

මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දැනට ඉතිරිව සිටින පිරිසත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කළ යුතු බවත්, එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ සිටින එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් අදාළ තීරණය ගැනීම පමා කරමින් සිටින බවද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මීට පෙර නායකයන් ගත් තීරණ පාක්‍ෂිකයන් ක්‍රියාත්මක කළ බවත්, එහෙත් මේ වනවිට පාක්‍ෂිකයන්ගෙන් බහුතරයක් තීරණයක් ගෙන තිබෙන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දැනට සිටින පිරිස් පාක්‍ෂිකයන් ගත් තීරණය ගතයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දක්වන බවත්, තවත් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් ලෙස සිටිමින් සහයෝගය දක්වන බවත් උප සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

සජිත්-මද්දුමබණ්ඩාර UNPයෙන් දොට්ට ? සජිත්ගේ සන්ධානයේ තනතුරුලාභීන්වත් එජාපයෙන් පන්නයි !

colombotoday

යල කන්නය සඳහා දේශීය පොහොර මිල දී ගැනීමට අනුමැතිය

colombotoday

ගල්අඟුරු නැවකින් කෝටි 12යි… විදුලි ඒකකයකින් රු. 14යි… ලංකාවේ ලොකුම හොරකම විදුලියෙන් !

colombotoday

දරුවන්ට අමානුශික ලෙස පහර දී වීඩියෝ කල පියා අත්අඩංගුවට

Admin

හොරකමට අල්ල ගත් සිසුන්ගේ පරිගණකයක් තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

colombotoday

ක්‍රිකට් තරඟ පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිව කිවුවා.. පනත වැරදියි.. පොලීසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා-මහින්දානන්ද

colombotoday