Colombo Today Local News

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අංශයේ සේවය කරන ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (09) පස්වරුව වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී ඇති සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව 723 ක්වූ බව රෝහල පාලනාධිකාරිය ප්‍රකාශ කළේය .
 
එම වෛද්‍යවරයා සිදුකර ඇති සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සැකකරන කාන්තාවන් විසින් සිදුකරන ලද පැමිණිලි කුරුණෑගල ශික්ෂණ රෝහලට බාර ගැනීම අරඹනු ලැබුවේ පසුගිය මස 26 වැනිදාය . ඒ අනුව එදින සිට ඊයේ දිනය වනවිට අඛණ්ඩව දින 15 ක් දිනපතා කාන්තාවන්⁣ ඉදිරිපත් කළ පැමිණිලි බාරගැනීම විශේෂ  කරුණකි .
 
කුරුණෑගල ශික්ෂණ රෝහල විසින් බාරගනු ලබන පැමිණිලි වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට මෙසේ පැමිණෙන කාන්තාවන්ගේ පැමිණිලි බාර ගැනීම සිදු කරති .
 
මේවනවිට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබෙන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශයකු සඳහන් කළේය . කෙසේ වුවද ඉදිරියටද ලැබෙන සියලුම පැමිණිලි අඛණ්ඩවම  බාරගන්නා බවද එම ප්‍රකාශකයා කීය .
 
ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා විසින් සිදුකළ බව කියන සිසේරියන් සැත්කම් වලට අමතරව වෙනත් කාන්තා රෝග වලට අදාළව එම වෛද්‍යවරයා අතින්ම සැත්කම් වලට ලක්වූ කාන්තාවන්ද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර තිබේ .
 
 කුරුණෑගල ශික්ෂණ රෝහලට අමතරව දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසියටද කාන්තාවන් පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර පෙරේදා  (08) සිට දඹුල්ල පොලීසිය එම පැමිණිලි බාර ගැනීම අත්හිටුවා පැමිණිලි සඳහා පැමිණි කාන්තාවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත යොමු කර තිබූ බවද වාර්තා විය  .
 

Related posts

බදුර්දීන් රකින්න දූෂණ විරෝධී පෙරමුණත් සෙට් වෙයි.. විල්පත්තුව කැපුවේ දැව සංස්ථාවලු !

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

Admin

සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

colombotoday

දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්?

colombotoday

ප්‍රශ්නවලට උත්තර දෙන්න විෂයයට අදාළ ඇමතිවරු මැතිසබේ සිටීම අනිවාර්‍යයි

colombotoday

යහපාලනය එළිපිටම හොරු රකිනවා.. යහපාලන සගයන්ගෙන් චෝදනා

colombotoday